May 08, 2024

ඉන්දියාවේ පාලක පක්ෂය වූ භාරතීය ජනතා පක්ෂයට පන්ජාබ් හී බලය අහිමි වෙයි - ගොවියන් සිය බලය පෙන්වයි

February 17, 2021

ඉන්දීයාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට සිය බල කඳවුරක් වූ පන්ජාබ් ප්‍රාන්තයේ පළාත් මැතිවරණයෙන් දරුණු පරාජයක් අත්ව තිබෙන අතර සෝනියා ගාන්ධි ඇතුළු කොංග්‍රස් පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ද හිමි කරගෙන තිබුණි.

මෙම පරාජයට හේතුව ලෙස ඉන්දීයානු පාලක පක්ෂය විසින් පනවා තිබෙන නව ගොවි නීති ප්‍රබල හේතුවක් බවට පත් වූ අතර එම නීතින් නිසා පන්ජාබ් ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල බල කණුව වූ හර්ෂිමාත් බදාල්ගේ ශිරෝමනී අකාලි දල් පක්ෂයේ ඉවත් වීමද මෙම පරාජයට හේතුව වී තිබේ.

එහිදී නගර සභා 7කින් 6ක්ම ජයග්‍රහණය කිරීමට ඉන්දීය කොංග්‍රස් පක්ෂය සමත්ව තිබුණු අතර ජන්ජාබ් හී මෙවැනි ප්‍රබල ජයග්‍රහණයක් කොංග්‍රස් පක්ෂය හිමි කරගෙන තිබුණේ වසර 53කට පසුව ප්‍රථම වරටය.

Rate this item
(0 votes)