April 27, 2024

පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක ඉදිරියේ ඉන්දීය අගමැති හඬා වැටෙයි

February 09, 2021

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් අද (09) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයේ දී දැඩිව සංවේදී වී තිබේ.

ඒ ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වූ ගුලාම් නබි අසාද් සිය දේශපාලන දිවියෙන් විශ්‍රාම ගැනීම සනිටුහන් කිරීමත් සමඟයි.

සිය දේශපාලන ගමන ආරම්භ කළ හැටිත් කාෂ්මීරයේ සහ ගුජරාටි ප්‍රාන්තවල මහ ඇමතිවරුන් ලෙස දෙදෙනා කටයුතු කළ ආකාරය පිළිබඳවත් අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී විපක්ෂ නායකවරයාට සමුදෙමින් සිහිපත් කළේය.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ එම අවස්ථාව තමන්ට බොහෝ සංවේදී අවස්ථාවක් බවයි. එමෙන්ම නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමන් කිසිදාක ගුලාම් විපක්ෂ නායකවරයාට විශ්‍රාම ගැනීමට ඉඩ නොදෙන බවත් තමන් දිගින් දිගටම තමන් ඔහුගෙන් උපදෙස් ලබා ගැනීමට සුදානම් බවයි.

Rate this item
(0 votes)