May 02, 2024

TikTok අවුරුදු 10ක දරුවෙකු බිලි ගනී

චීනයේ නිර්මාණය කරන ලද තරුණ බාල මහලු සියලු දෙනා අතර ජනප්‍රියව ඇති ස්මාර්ට් දුරකථන සඳහා එන TikTok සමාජ මාධ්‍යය නිසා වයස අවුරුදු 10ක දරුවෙකුට දිවි අහිමි වූ අවාසනාවන්ත පුවතක් ඉතාලියෙන් වාර්තා වෙයි.

ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියව ඇති "Blackout Challenge" නම් අභියෝගයක් කිරීමට යෑමේ දී මෙම අවාසනාවන්ත මරණය සිදුව තිබේ.

මෙම අභියෝගයේ දී වැඩිම වේලාවක් හුස්ම අල්ලාගෙන සිටින පුද්ගලයා කවුද යන්න බැලීම සිදු කරනු ලබයි.

මෙම 10 හැවිරිදි දරුවා විසින් සිය නිවසේ ඇති නාන කාමරයට වී පටියක් ගෙන බෙල්ල සිරකරගෙන තිබේ.

පසුව ඇය මිය ගොස් සිටියදී සොයාගෙන තිබුණේ ඇයගේ අවුරුදු 5ක් වු සහෝදරිය බව වාර්තා වෙයි.

වෛද්‍යවරුන් පවසා තිබුණේ ගෙල සිරවීමත්, හුස්ම ගැනීමට ඇති නොහැකියාවත් නිසා ඇය මිය යන්නට ඇති බවයි.

මියගිය දැරියගේ දෙමාපියන් මෙම අභියෝගය පිළිබඳවත් ඇය කරන ක්‍රියාව පිළිබඳවත් කිසිදු දෙයක් දැන නොසිටි බවට පොලිස් ප්‍රකාශයන්වලදී පවසා තිබේ.

ටික්ටොක් සමාජ මාධ්‍ය ප්‍රකාශ කරන්නේ සිය ආයතනය විසින් මෙවැනි කිසිදු අභියෝගයක් ප්‍රචාරණය නොකළ බවත් ඒවා කිරීමට අනුබල නොදුන්නු බවත්ය.

නමුත් ඉතාලිය තුළ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව දැඩි නීති සංශෝධනයක් සඳහා සුදානම් වන අතර එරටින් වාර්තා වන අන්දමට දත්ත රහස්‍යතා නිරීක්ෂණ කණ්ඩායම විසින් TikTok සමාගමට දැඩිව පවසා තිබුණේ එම මෘදුකාංගය භාවිත කිරීම සඳහා අවම වයස සම්පුර්ණ කර නොමැති සියලු පරිශිලකයන්ගේ ගිනුම් වහාම අත්හිටුවන ලෙසයි.

එම තීන්දුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ටික්ටොක් සමාගම පවසා තිබුණේ‍ සිටියේ වයස අවුරුදු 13ට අඩු ළමුන් සඳහා ලියාපදිංචිය තහනම් කිරීමට ටික්ටොක් කැපවී සිටියද, මෙම රීතිය මග හැරීම පහසු බවය.

මේ වන විටත් මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි පරික්ෂණයක් ක්‍රියාත්මක කර තිබෙන අතර ඇයට මෙම අභීයෝගය භාර ගැනීම සඳහා කිසිවෙකුත් විසින් ආරාධනා කර ඇද්දැයි සොයා බැලීමටත් කටයුතු කර තිබේ.

(Reuters පුවත් සේවය ඇසුරිණි)

Rate this item
(2 votes)