May 02, 2024

ලාංකිකයෙකුගේ එල්ලුණු සිරුරක් ඉතාලි සිරගෙයක් තුළින් හමුවෙයි

ඉතාලියේ බන්ධනාගාරයක් තුළ එල්ලී තිබූ ශ්‍රී ලාංකිකයෙකුගේ සිරුරක් හමුව තිබෙනවා.

මෙම පුද්ගලයා සියදිවි නසාගන්නට ඇති බවට යි සැක කෙරන්නේ.

ඉතාලියේ ප්‍රොයිනෝස් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස මරණයට පත්ව තිබෙන බව සඳහන්.

සිරුර, ඔහු රැඳීසිටි සිර මැදිරිය තුළ එල්ලී තිබියදී හමුවී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ චන්දන කෝරලගමගේ නමැති අයෙක්.

මෙම පුද්ගලයා සිර දඬුවම් විඳිමින් සිට ඇත්තේ සිය බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන්.

භද්‍රා ලියනගේ නමැති ඇය රෝමයේ මාර්ගයක ගමන් කරමින් සිටිය දී චන්දන නමැත්තා ඇයට උල් ආයුධයකින් ඇන මරා දමා ඇති බව පැවසෙනවා.

මියගිය පුද්ගලයා පසුවී ඇත්තේ 69 වැනි වියේ යි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 June 2021 09:40