March 29, 2024

රෝමයේ ගිනිකෙළි පත්තු වෙද්දී : කුරුල්ලන් සිය ගණන් මැරී බිම ඇද වැටෙයි

2021 නව වසර උදාව සැමරීම සඳහා කොරෝනා උවදුරු තිබුණද බොහෝ පිරිසක් එයත් නොතකා කටයුතු කළේය.

එහිදී බොහෝ දෙනා අතර නව අවුරුදු උදාව සැමරීම සඳහා ජනප්‍රිය අංගයක් වන ගිනිකෙළි දැල්වීම ලෝකයේ බොහෝ රටවල විශාල වශයෙන් සිදුව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නමුත් මෙම ගිනිකෙළි නිසා පරිසරයට මේ වන විටත් දැවැන්ත හානියක් සිදුව ඇතිබවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එහිදී ගිනිකෙළිවල බලපෑම නිසා පක්ෂින් සිය ගණනක් ඉතාලියේ අගනගරය වන රෝමයේ විදී අතර වැටි සිටි බවට පරිසර සංවිධානයන් පෙන්වා දෙයි.

ඔවුන් එහිදී පෙන්වා දෙන්නේ මෙය 'සමූල ඝාතනයක්' බවයි.

පක්ෂින් මිය යාමට ස්ථිර හේතුව තවතමත් අනාවරණය වී නොමැති අතර අන්තර් ජාතික සතුන් සුරැකීමේ සංවිධානය ( International Organization for the Protection of Animals (OIPA)) පෙන්වා දෙන්නේ ගිනිකෙළි සහ අනිකුත් මල් වෙඩි නිසා ඇතිවෙන අධීක ශබ්දය මෙම පක්ෂීන් මිය යාමට ප්‍රධාන හේතුව බවයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම පක්ෂීන් ඉතාලියේ රෝමයට යාබද පෙදෙස්වල තමන්ගේ කැදලි නිර්මාණය කරගෙන සිටින බවයි.

සංවිධානයේ ප්‍රකාශිකාවක් වන ලොරෙඩානා ඩිග්ලියෝ පවසා සිටියේ "ඔවුන් බියෙන් මියගියා විය හැකිය. ඔවුන්ට එකට පියාසර කර එකිනෙකාට තට්ටු කළ හැකිය, නැතහොත් ජනේල හෝ විදුලි රැහැන්වල හැප්පීමට හැකිය. හෘදයාබාධවලින්ද ඔවුන් මිය යා හැකි බව අපි අමතක නොකරමු" යනුවෙනි.

සෑම වසරකම ගිනිකෙළි සංදර්ශන මගින් වන සතුන් සහ ගෘහාශ්‍රිත සතුන්ට කරදර හා තුවාල සිදු වන බව ඇය සඳහන් කළාය.

OIPA හි ඉතාලි ඉතාලියේ පිහිටි ශාඛාව මඟින් සතුන්ට ගිනිකෙළි නිසා ඇති තර්ජනය උපුටා දක්වමින් පුද්ගලික භාවිතය සඳහා මල්වෙඩි සහ ගිනිකෙළි විකිණීම තහනම් කරන ලෙස ඉල්ලා තිබේ.

Rate this item
(0 votes)