April 19, 2024

ඉතාලි අධිවේගයේ වාහන සිය ගණනක් එක්වර විනාශ කළ කාලගුණය (VIDEO)

ඊයේ (26) දිනයේ ඉතාලියට ඇද හැලුණු අයිස්කැට වර්ෂාවක් හේතුවෙන් එරට ප්‍රධාන අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ වාහන 100කට අධික ප්‍රමාණයක දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.

මෙම දැවැන්ත අයිස්කැට වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉතාලියේ ප්‍රධාන අධිවේගී මාර්ගයක් වන A1 මාර්ගයේ මෙම අයිස් කැට වර්ෂාව නිසා දැඩි තදබදයක් ද ඇතිව තිබුණා. 

රියදුරු විසින් මාධ්‍ය වෙත පවසා තිබුණේ එක්වර පැමිණි දැඩි කුණාටු තත්ත්වයක් හේතුවෙන් මාර්ගය නොපැහැදිළි වුණු බවයි.

ඒත් සමඟම පැමිණි දැඩි අයිස් කැට නිසා තම වාහනවල වීදුරු පුපුරා ගිය බවද ඔවුන් සඳහන් කර තිබුණා.

එම අනතුර සිදුව තිබූ අධිවේගී මාර්ගයේ දර්ශන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 14:30