April 27, 2024

කොරෝනා සුව වූ රෝගීන්ට භයානක දිලීර ආසාදනයක්? - ඉන්දීයාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්!

December 15, 2020

නව දිල්ලියේ ශ්‍රීමත් ගංගා රාම් රෝහලේ වෛද්‍යවරු කරන ලද පරික්ෂණයකදී කොවිඩ් -19 රෝගීන් පිරිසක්  බරපතළ දිලීර ආසාදනයකින් පීඩා විඳිමින් සිටින බවට අනාවරණය කරගෙන තිබේ.

සාමාන්‍යයෙන් පැතිරීමට දින 15-30 අතර කාලයක් ගතවන මුකෝර්මිකෝසිස් දිලීරය (mucormycosis fungus) කොරෝනා වෛරස් රෝගීන් තුළ දින 2-3 ක් තුළ වර්ධනය වන බව වෛද්‍යවරු සොයාගෙන ඇති අතර ඒ පිළිබඳව ඔවුන් අනතුරු ඇඟවීමක්ද සිදු කර තිබේ.

ශරීරයේ පැතිර යා හැකි ස්ථානය අනුව මෙම දිලීර විශේෂයට අත් කළ හැකි විපාකයන් භයානක තත්ත්වයන් ඇති කිරීමටද ඉඩ ඇති බව වාර්තා වෙයි.

මෙම දිලීරය ආසාදනය මඟින් නාසය සහ හකු ඇට ඉවත් කිරීමට සිදුවන අතර ඇස් පෙනීම ස්ථිරවම අහිමි වේ. මොළයට දිලීර පැතිරෙන රෝගීන්ගේ මරණ අනුපාතය සියයට 50ක ඉහළ අගයක් පවතින බවද සඳහන් වෙයි.

පසුගිය සති දෙක තුළ ගංගා රාම් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන්ට මෙම දිලීර ආසාදිත පටක ඉවත් කිරීම සඳහා රෝගීන් 10 දෙනෙකුට සැත්කම් කිරීමට සිදු විය.

රෝගීන්ගෙන් අඩකට ඇස් පෙනීම නැති වූ අතර පස් දෙනෙකු මිය ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගංගා රාම් රෝහලේ උගුර කන නාසය පිළිබඳව විශේෂඥ ශල්‍ය වෛද්‍ය මනීස් මූන්ජාල් විසින් ඉන්දීයානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම රෝගය වැළැඳෙන ආකාරය පැහැදිළි කර ඇති අතර එහිදී ඔහු විසින් සඳහන් කර තිබුණේ කොරෝනා වෛරසයට ගොදුරු වන රෝගීන්ගේ එම වෛරසය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියට සිදුවන හානි හේතුවෙන් මෙම දිලීරය වැළැඳීමෙන් පැතිරී යන බවයි.

කොවිඩ් -19 රෝගීන්ට පොදුවේ ලබා දෙන ස්ටෙරොයිඩ් විශාල මාත්‍රාවලින් හේතුවෙන් සිදුවන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සයිටොකීන් ප්‍රතිචාර උපයෝගී කරගනිමින් දිලීර ධාරකයේ ශරීරයට ඇතුළු වන බව හඳුනා ගෙන ඇති බවද අනාවරණය කරගෙන තිබේ.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය මුන්ජාල් විසින් පවසා සිටියේ එය මුකෝර්මිකෝසිස් නාසයේ මූලයෙන් ඇස් සහ මොළය දක්වා ගමන් කිරීමට ඉඩ සලසන බවත් එය  හඳුනා නොගතහොත් එය දින කිහිපයකින් රෝගීන්ගෙන් සියයට 50 කට වඩා මිය යා හැකි බවයි.

ඉන්දියාවේ ප්‍රමුඛ බෝවන රෝග විශේෂඥයෙකු වන වෛද්‍ය අතුල් පටෙල්ට අනුව, පසුගිය මාස තුන තුළ වාර්තා වූ කොවිඩ් -19 රෝගීන් අතර මුකෝර්මිකෝසිස් රෝගීන් 19 දෙනාට පිරිසක් දැනටමත් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඔහු වැඩිදුරටත් අනතුරු අඟවමින් පවසා තිබුණේ මෙය වසංගතයට පෙර සම්ප්‍රදායිකව වාර්තා වූ ප්‍රමාණයට වඩා 4.5 ගුණයකින් වැඩි බවත් මෙය බරපතල ගැටළුවක් වන අතර සෞඛ්‍ය සේවා සපයන්නන් අතිශයින්ම ප්‍රවේශම් විය යුතු බවත්ය.

මුලාශ්‍රය - Asian News International

With 50pc mortality, 50pc eyesight loss, COVID triggered deadly Mucormycosis fungus worry health fraternity

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 December 2020 00:00