May 17, 2024

“ශ්‍රී ලංකාව රඳවා ගෙන ඉන්න ධීවර යාත්‍රා නිදහස් කරගන්න - නැත්නම් වන්දි ගෙවන්න” - වයිකෝ මෝදිට ලිපියකින් කියයි

November 10, 2020

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ එම්.ඩී.එම්.කේ පක්ෂයේ මහලේකම්වරයා වන වයිකෝ විසින් එරට අගමැති මෝදි හට ලිපියකින් මාර්ගයෙන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව භාරයේ රඳවාගෙන සිටින එරට යාන්ත්‍රික ධීවර යාත්‍රාවන් වහා නිදහස් කර දෙන ලෙසයි.

ඊයේ (09) දිනයේ දී ඔහු විසින් අග්‍රාමාත්‍යවරයාට ලිපියක් මාර්ගයෙන් මේ බව දැනුම් දී තිබේ.

ඉන්දීය ධීවරයන්ගෙන් අල්ලා ගන්න ලද යාන්ත්‍රික බෝට්ටු 121ක් මේ වනවිට ශ්‍රී ලංකා අධිකරණයෙන් විනාශ කරන ලෙසට නියෝග කර ඇතැයිද වයිකෝ සිය ලිපියෙන් අග්‍රාමාත්‍යවරයා වෙත පවසා ඇති බව සඳහන් වෙයි.

මෙම 100ට අධික යාන්ත්‍රික බොට්ටු ප්‍රමාණයෙන් 88ක්ම රාමේෂවරන් මුහුදු කලාපයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ඇති බවද ඔහු ලිපිය තුළින් පවසා තිබුණී.

රාමේෂ්වරන් නිලධාරීන් පිරිසක් තමන් වෙත සඳහන් කර තිබුණේ පසුගිය වසර 3-4ක කාලය තුළ ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළු වුණා යැයි රඳවා ගත් යාන්ත්‍රික බෝට්ටු කිහිපයක් පසුගිය (08) ඉරිදා දිනයේ දී යාපනයේ අධිකරණය විසින් විනාශ කිරීම සඳහා අවසර ලබා දී ඇති බවද සිය ලිපිය තුළින් වයිකෝ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබුණි.

මෙම යාන්ත්‍රික බෝට්ටු නිදහස් කර දීමට හෝ එම බෝට්ටුවලට සරිලන වන්දී ගෙවීම සඳහා ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කළ යුතු බවත් පෙන්වා දෙන වයිකෝ තවදුරටත් සඳහන් කර සිටියේ මේ සඳහා ඵලදායී සහ ඉක්මණ් පියවරක් ගැනීමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

මෙම යාන්ත්‍රික බෝට්ටුවක වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 25 සිට ලක්ෂ 40 දක්වා වන බවත් එම බෝට්ටු මිලදී ගැනීම සඳහා ධීවරයන් අධික පොලී මුදලකට ණය ලබා ගෙන ඇති බවද වයිකෝ සඳහන් කර තිබුණු අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ ධීවරයන් තවමත් එම පොලී මුදල් ගෙවමින් සිටින බවයි.

ඔහු තවදුරටත් සඳහන් කර තිබුණේ තමන් 2015-16 වසරවලදී ද මෙම ගැටලුව පිළිබඳව අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළ බවයි.

(NDTV)

Rate this item
(0 votes)
Last modified on Monday, 09 November 2020 23:06