May 17, 2024

ගිනිකෙළි සහ මල්වෙඩි තහනම් වෙයි

November 02, 2020

පවතින කොරෝනා වසංගතය හමුවේ රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ හදවත් රෝගීන් ගැන සැළැකිලිමත් වීමේ අරමුණෙන් ඉන්දියාවේ වයඹ දිග රාජස්ථාන් ප්‍රාන්තය මෙම තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

රාජස්ථාන් මහ ඇමති අශෝක් විසින් ට්විටර් පණීවිඩයක් නිකුත් කරමින් මෙම තහනම ගැන පවසා තිබුණේ ගිනිකෙළි සහ මල්වෙඩි හේතුවෙන් නිකුත් වන විෂ දුම හේතු කරගෙන මෙම තහනම පැනවූ බවයි.

මෙම දුමාරය හෘද රෝග හා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන අයට සෞඛ්‍යයට තර්ජනයක් බවද මහා ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

වාර්ෂිකව පැවැත්වෙන හින්දු උත්සවයක් වන දීපවාලි උත්සවය අතරතුරදී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමෙන් වැළකී සීටිමට කටයුතු කරන ලෙසද ඔහු එම පණිවිඩයේ සඳහන් කර තිබුණි. මංගල උත්සව සහ වෙනත් උත්සවවලදී ගිනිකෙළි සංදර්ශන නතර කළ යුතු බව ද අමාත්‍යවරයා එහිදී තවදුරටත් පෙන්වා දී තිබුණි.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉන්දියාව තුළ මේ වන විට ගිනිකෙළි සහ මල්වෙඩි වැනි දේවල්වල අලෙවියද පහත වැටී ඇති බවයි. බොහෝ පිරිසක් සෞඛ්‍යාරක්ෂිතව සිටිමට කටයුතු කිරීමත් ආගමික උත්සව සහ බොහෝ උත්සව අවස්ථාවන් මෙවර අඩු වීමත් නිසා මෙලෙස ගිනිකෙළි සහ මල්වෙඩි වෙනි දේවල් අලෙවිය පහත වැටී ඇති බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 November 2020 18:36