May 17, 2024

ඉන්දියාවට බලපෑ ඇති ගංවතුරට රයිනෝ සතුන් 09කුත් බිලිවෙයි

ඉන්දියාවේ ආසම් ප්‍රාන්තයට බලපෑ ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් කසිරංග ජාතික උද්‍යායනයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

එම බලපෑම හේතුවෙන් මේ වන විටත් එම උද්‍යානයේ ජිවත් වුණු සතුන් 100කට පමණ ජීවිත අහිමි වී ඇති බවද බලධාරීන් සඳහන් කරයි.

වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී තිබෙන එක අංගක් සහිත දුර්ලභ රයිනෝසිරස් සතුන් 09 දෙනෙකුද මෙම ගංවතුරට හසු වී මියගොස් ඇති බවට සඳහන් වෙයි.

මෝසම් වර්ෂවෙන් උද්‍යායනය යට වීම සාමාන්‍ය දෙයක් ලෙස බලධාරීන් පේනවා දුන්නත් මෙම වසරේ එය බලාපොරොත්තු විරහිත තත්ත්වයක් උද්ගත වී ඇති බවත් උද්‍යානයෙන් 85%ක ප්‍රමාණයක් යට වී ඇතිබවද ඔවුන් පෙන්වා දෙයි.

අලි ඇතුන් වැනි සතුන් ගම්මාන වෙතට යමින් තිබෙන බවත් සඳහන්.

මෙම ගංවතුර නිසා පුද්ගලයින් 200ක් ද මරණයට පත්ව ඇත.

Rate this item
(0 votes)