April 26, 2024

පුෂ්පිකා රාජ්‍ය ඇමති මග යයි : ඇමරිකාවම හොල්මන් වෙන පිළිතුරක් දෙයි

ඇමරිකාවේ පැවැත් වූ 2022 විවාහක ලෝක රූ රැජින තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අවුල් සහගත පිළිතුරු දෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

සාමාන්‍යයෙන් කෙතරම් රූමත් වුවත් මෙවැනි ලෝක තරඟයකදී ජයග්‍රාහිකාව තේරීමේදී වැදගත් වන්නේ විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් නිවේදකයා හෝ නිවේදිකාව අසන ප්‍රශ්නයට දෙන පිළිතුරේ ඇති අර්ථයයි.

යොමු කළ ප්‍රශ්නය

එවැනි ප්‍රශ්නයක් ඇයටත් යොමු කළා.

ඇය ඊට දුන්නේ එම ප්‍රශ්නයට කිසිසේත්ම අදාල නැති පිලිතුරක්.

තමා තමාගේ මව් භාෂාව වන සිංහල භාෂාව තමා වෙත යොමු කරන ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා තෝරා ගන්නා බව ඇය තමා වෙත යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දීමට පෙර සභාවට දැනුම් දුන්නා.

ඒ අනුව "ඔබ 2022 විවාහක ලෝක රූ රැජිණ වූවොත් ලෝකෙට සේවය කරන්නේ කෙසේදැයි" ඇයට නිවේදකයා සිංහල බසින් යොමු කළ ප්‍රශ්නය වුණා.

දුන්න පිළිතුර

"මම විවාහක කාන්තාවක් විදියට මගේ ජීවිතයේ බොහෝ ප්‍රශ්න වලට මුහුණ දුන්න කෙනෙක්.ඒ හැම අභියෝගයකටම ස්තුතිවන්ත වෙනවා.ඒ හැම අභියෝගයක්ම ජය ගත් නිසයි මම අද මෙතන ඉන්නේ."

"මට කියන්න ඕන මගේ ජීවිතයේ මට වැරදි කරපු මිනිස්සුන්ට මම සමාව දෙනවා කියලා.ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මට උපකාර කළේ (ඉංග්‍රීසි බසින් ව්‍යාපෘතියක නමක් කියයි) ව්‍යාපෘතිය මගේ රටේ අසරණ මිනිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න.මගේ එකම බලාපොරොත්තුව ලෝක විවාහක රූ රැජින සංවිධානයත් සමඟ (යළිත් ඉංග්‍රීසියෙන් එම ව්‍යාපෘතියේ නම කියයි) මුළු ලෝකයටම ව්‍යාප්ත කරන්න."

රාජ්‍ය ඇමති ආදර්ශය

පුෂ්පිකා ද සිල්වා මහත්මිය පසුගිය කාලයේ වඩාත් ප්‍රසිද්ධ වූයේ බමන මතින් සිටි ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා සමඟ වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගස බැලීමට යෑම හේතු කොට ගෙනයි.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය ලෝක රූ රැජිණ තරඟයේදී ලබා දුන් පිළිතුරු දෙස බැලීමේදී පෙනී යන්නේ ඇය ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් යම් උකහා ගැනීමක් සිදු කොට ගෙන තිබෙන බවයි.

Rate this item
(8 votes)
Last modified on Thursday, 20 January 2022 10:56

Related items