කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
මේ ඇමතිවරුන් දෙදෙනාම නවකයින් වන අතර මතභේදාත්මක චරිත.
ඇමැති දෙපළ
පොලීසිය භාර ඇමති සරත් වීරසේකර හා අධිකරණ ඇමැති අලි ෂබ්රි යන මහත්වරුන් මෙසේ කොවිඩ් ආසාදනය වූ ඇමතිවරු ලෙසයි වාර්තා වන්නේ.
මේ දෙදෙනා අතුරින් අලි ෂබ්රි මහතා විදෙස් රටක නිරෝදායනය වන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හෙළිදරව් කොට තිබෙනවා.
ආණ්ඩු පක්ෂ රැස්වීම
බැසිල් රාජපක්ෂ මහතා ඒ බැව් හෙළි කර තිබෙන්නේ ඉකුත් 18 දා පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී.
සරත් වීරසේකර මහතාටද බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවයි වාර්තා වන්නේ.
නවක අමාත්‍යවරුන් දෙදෙනෙකු වන මේ දෙපළ සිය ඇමති විෂයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ජනතාවගේ අප්‍රසාදයට හේතු වී තිබෙනවා.