April 28, 2024

හිරුනිකාගේ අනුරාධපුර "පොලිස් අංකල්" ඉල්ලගෙනම කයි

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය තවත් පිරිසක් සමඟ මීට ටික දිනකට පෙර අනුරාධපුරයේදී විරෝධතා පා ගමනක් ගියා.

ඒ ජනපතිවරයාට ඉතා හිතවත් යයි කියන දේවාලයක් වෙත.

විරෝධතා ගමන

එහිදී එම ගමන නැවැත්වූයේ අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින්.

එම ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිය පියාගේ (භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා) මිත්‍රයකු බවත් එදවස නීතිය හොඳට කළ බවත් සදහන් කරමින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඔහුව බදා වැළඳගෙන සංවේදී වූ හැටි මාධ්‍ය හරහා දක්නට ලැබුණා.

ඇයි එම ජෙෂ්ට පොලිස් නිලධාරියාව හැදින්වූයේ "අංකල්" නමින්.

බස් රියදුරු

ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මේ පොලිස් අංකල් එදිනම අනුරාධපුරයේ විරෝධතාවයක නියැලුණ බස් රියදුරු කොට ප්‍රසිද්ධියේම කනේ පහරක් එල්ල කොට "ඕකව දාපන් බස් එකට කියා" කියන අයුරුද මාධ්‍ය මඟින් පෙන්වා තිබුනා.

එකම ආකාරයේ සිද්ධීන් දෙකකට පුද්ගලයාට අනුව දෙවිදියකට සැලකීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය හරහා අදාළ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ප්‍රසාදය පළ වෙමින් තිබෙනවා.

මේ සිද්ධිය ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් විමසීමට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට මේ වන විට දැනුම් දී තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Monday, 04 April 2022 10:26

Related items