April 27, 2024

සජිත් ගැන හිරුණිකා බීබීසියට දුන් සහතිකය

සිය දේශපාලන නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා සජිත් ප්‍රේමදාස වනවා මිස වෙන අයෙකුගේ ආකෘතියක් නොවිය යුතු බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පෙන්වා දෙන්නේ.

මහින්ද රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ බව සඳහන් කරන ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඔහුට ඔහුටම ආවේණික වෙච්ච අනන්‍යතාවයක් තිබෙන බවත් ඒ අකාරයට සජිත් ප්‍රේමදාස මහතාටද ඔහුටම ආවේණික වූ අනන්‍යතාවයක් තිබෙන බව සමගි ජන බලවේගය කාන්තා සංවිධානයේ ජාතික සංවිධායකවරියද වන ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කරනවා.

සජිත් , සජිත් විය යුතුයි

එනිසා තමන්ගේ නායකයා වෙන කවුරුවත් වනවා දැකීමට තමන් කැමැත්තක් නැති බවත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කරනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම අදහස් පල කරන්නේ බී.බී.සී සිංහල සේවය සමග කළ සාකච්ඡාවකදී "සැබෑ දේශප්‍රේමියෝ" නමින් ව්‍යාපාරයක් ආරම්භ කරමින් මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා "ස"ර් පමණක් නොවෙයි "සා"ත් ෆේල් බවට කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්.

"සා"ත් ෆේල් ලෙස මංගල සමරවීර මහතා පෙන්වා දී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවටයි මත පළ වන්නේ.

ඔහු ජනතාව වෙනුවෙන් කැපවුණු නායකයෙක්

මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා ඉතා සංවේදී දිවා රෑ නොබලා ජනතාව ගැන හිතන , වැඩ කරන පුද්ගලයකු ලෙස තමන් හඳුනාගෙන තිබෙන බවයි.

එහෙත් විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය මීට වඩා ක්‍රියාකාරී විය යුතු බව තමන් පිළිගන්නා බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම සාකච්ඡාවේ දී සඳහන් කර තිබෙන්නේ.

විපක්ෂය තෝරා ගත යුතු මග

ශ්‍රී ලංකාව අර්බුද ගණනාවකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ විරුද්ධ පක්ෂය තෝරා ගත යුතු මඟ ගැනද අවධාරණය කරමින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය සදහන් කරන්නේ තෝරා ගත යුත්තේ ජනතාව කැමැති දේ නොව හරි දේ බවයි.

ප්‍රේමචන්ද්‍ර මහත්මිය බීබීසී සිංහල සේවය සමඟ මෙම අදහස් පල කළ සාකච්ඡාව පවත්වන ලද්දේ සූම් තාක්ෂණය ඔස්සේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 July 2021 16:50