March 29, 2024

ආණ්ඩුව පලවා හරින තුරු සජිත්ගෙන් නොනවතින රැල්ලක්

සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) රාත්‍රියේ රැස්වුණා.

එහිදී වැදගත් තීන්දු 2 ක් ගනු ලැබූ බවයි සමගි ජන බලවේග අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

වැදගත් තීන්දු

ඉන් එකක් වන්නේ ආණ්ඩුව පලවා හරින තෙක් "නොනවතින අරගලය" නම් වූ විරෝධතා මාලාවක් දියත් කිරීමයි.

එම විරෝධතා මාලාව ආසන මට්ටමින් දියත් කිරිමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

අනිත් වැදගත් කරුණ වූයේ සමගි ජන බලවේගය මුල්වූ ජාතික වේදිකාවක් නිර්මාණය කිරීම සදහා ඉදිරිපත් වූ යෝජනාවට අනුමැතිය ලැබීමයි.

දේශපාලන උපක්‍රම

රටේ උද්ගතව පවතින තත්ත්වය මෙන්ම ඉදිරි දේශපාලන උපක්‍රම පිළිබඳව එම රැස්වීමේදී රැස්වීමේ දී විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

ආණ්ඩුවේ වගකීමෙන් තොර හැසිරීම හා ඊට එරෙහිව පක්ෂයක් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම රැස්වීමේදී සාකච්ඡා වූ බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සමගි ජන බලවේගයේ ප්‍රධාන පෙළේ නායකයින් ඇතුළු සියල්ලන්ම පාහේ මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වූ බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 March 2022 19:39