April 25, 2024

අනිද්දා සර්ව පාක්ෂික සමුළුව ගැන සජිත් පිලේ තීන්දුව හෙට

ජනපතිවරයා එළඹෙන 23 දින කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය තවමත් තීරණයක් ගෙන නැහැ.

ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් හෙට (22) විපක්ෂ නායක , සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා කැඳවා තිබෙනවා.

මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත

එහිදී මන්ත්‍රීවරුන් දක්වන අදහස් වලට අනුව සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගනු ඇති බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සමගි ජන බලවේගය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි බවයි.

මේ අවස්ථාවේ එවැනි සමුළුවක ඇති වැදගත්කමට වඩා එවැන්නක් මඟ හැරීම දේශපාලන වශයෙන් අවාසි සහගත තත්ත්වයක් බවයි සමගි ජන බලවේගය බහුතරයකගේ මතය වී තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.

අනිකුත් පක්ෂ සහභාගිත්වය

විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමට  තීරණය කර තිබෙනවා.

ආණ්ඩුවේම සන්ධානගත පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විටත් එම සමුළුවට සහභාගී වන බව තහවුරු කර තිබෙනවා.

එහෙත් ආණ්ඩුව සමඟ ගැටුම් ඇති කරගෙන සිටින විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන මහත්වරුන් නායකත්වය දෙන සන්ධානගත පක්ෂ 11 කණ්ඩායම වෙනුවෙන් නියෝජිතයින් දෙදෙනකු. පමණක් සහභාගි කරවීමටයි එම කණ්ඩායම තීරණය කොට තිබෙන්නේ.

අර්බුදයට විසඳුම්

පූජ්‍ය අතුරලියේ රතන හිමි හා මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ඒ සඳහා එම කණ්ඩායම නම් කර තිබෙනවා.

ජනපතිවරයා සර්ව පාක්ෂික සමුළුව කැඳවූයේ පවතින දරුණු ආර්ථික අර්බුදයක විසඳුම් සෙවීම සඳහායි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 21 March 2022 09:12