January 17, 2025

කළ වැඩ ගැන සලකා සජිත් පේ‍්‍රමදාසට ගෞරව නාමයක්!

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත අද (11) ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරිනැමීමට නියමිතයි. 

සමාජ සංස්කෘතික සහ ආගමික වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉටු කරන මෙහෙවර පිළිබඳව විශේෂයෙන් ප්‍රසාදයට පත්ව එකී මෙහෙවර ඇගයීම පිණිස ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මගින් අදාල ගෞරව නාමය විපක්ෂ නායකවරයා වෙත පිරිනමනු ඇති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ,නියෝජ්‍ය ඇමතිවරයෙකු, ඇමතිවරයෙකු සහ විපක්ෂ නායකවරයා ලෙස වර්තමානයේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙතින් ඉටුවන මෙහෙවර පිළිබඳව එහිදී විශේෂ සැලකිල්ලට භාජනය කොට තිබෙන බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරනවා.

පසුගිය රජය සමයේ ඉතා කෙටි කලක් සංස්කෘතික අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ වකවානුව තුළ ආගමික සහ සංස්කෘතික වශයෙන් අතිශයින් වැදගත් වන කටයුතු රැසක්ම ඉටු කළ බවයි විපක්ෂ නායක කාර්යාලය පෙන්වා දුන්නේ.

සසුනට අරුණ, සිසු දහම් සෙවන, විපක්ෂයෙන් හුස්මක්, සක්වල වැනි වැඩසටහන් හරහා විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයෙන් "ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජනරංජන" ගෞරව නාමයෙන් ද පිදුම් ලැබුවා.

Rate this item
(0 votes)
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449