April 24, 2024

රනිල්ගෙන් පාර්ලිමේන්තු ලොබියේදී සජිත්ට පාඩමක්

February 28, 2022

බොහෝ කලකට පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තරමක දිගු කතා බහක නියැලුණු බව වාර්තා වනවා.

ඒ පාර්ලිමේන්තුවේදී.

මුණගැසුනු ස්ථානය

දෙදෙනාගේ මුණගැසීම සිදුව තිබෙන්නේ පාර්ලිමේන්තු ලොබියේදී.

එහිදී ප්‍රේමදාස මහතා වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ දැන් යුද වැදී සිටින රුසියාව සහ යුක්රේනියානු අර්බූදය පිළිබඳව තමන්ට තොරතුරු ලබා දෙන ලෙසටයි.

එජාප නායකයාගේ දේශණය

එහිදී වික්‍රමසිංහ මහතා නොපැකිලී එම ඉල්ලීම ඉටු කර ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටී වත්මන් රුසියාව බිහි වූ ආකාරය පිළිබඳව වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා අමතා පැහැදිලි කර දී තිබෙන්නේ තමන් තුළ ඇති ජාත්‍යන්තර දේශපාලන අවබෝධය විදහා පාමින්.

දෙදෙනා අතර සිදු වූ මෙම කතාබහ එම ස්ථානයෙන් ගමන් කළ බොහෝ මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නයක් වී තිබෙනවා.

ඒ සජිත් ප්‍රේමදාස මහතා කණ්ඩායමක් සමග එ.ජා.පයෙන් කැඩී ආ පසු වික්‍රමසිංහ මහතා සමඟ කිසිදු ගනුදෙනුවක් තබා නොගැනීම නිසා.

Rate this item
(13 votes)
Last modified on Monday, 28 February 2022 08:44