May 04, 2024

අගමැති බාල පුතුගේ වැඩේට ජොනීගේ හිත අවුල් වෙලා

February 27, 2022

හම්බන්තොට දිස්ත්‍රික්කය සිය දේශපාලන නිජබිම කරගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.

ඔහු මීට පෙර 2015 මහ මැතිවරණයේදීද පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.

කුරුණෑගල පෙරළිය

එහෙත් අග්‍රාමාත්‍යවරයා කුරුණෑගල දේශපාලන කටයුතු වල සක්‍රීයව නියැළුණේ නැහැ.

ඒ නිසා කුරුණෑගල සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට අගමැතිවරයා පියවර ගත්තා.

එහි වගකීම භාර දුන්නේ සිය බාල පුතු වන රෝහිත රාජපක්ෂ මහතාට.

අගමැති පුතු මැදිහත් වීම

ඒ අනුව කුරුණෑගල පුත්තලම පාරේ යන්තම්පලාව ප්‍රදේශයේ අගමැති සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත වුණා.

ඒ රෝහිත රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම නව කාර්යාලය විවෘත කිරීම ගැන වැඩි උනන්දුවක් දැක් වූයේ ආණ්ඩුවටත් වඩා විපක්ෂය වන සමගි ජන බලවේගයයි.

ඒ එම කාර්යාලය විවෘත කිරීම මුල් කොටගෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂය තුළම මත ගැටුමක් නිර්මාණය වෙමින් තිබීම නිසා.

විපක්ෂයේ මන්ත්‍රීගේ රහස

එම රහස හෙළි කළේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන සමගි ජන බලවේග මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතායි.

ඔහු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයා මෙසේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අගමැති සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා තුළ විරෝධයක් තිබෙන බවයි.

ඒ සම්බන්ධීකරණ කාර්යාල හරහා අග්‍රාමාත්‍යවරයාගෙන් පසු රෝහිත රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට අවතීර්ණ වනු ඇති බවට සැකයක් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා තුළ තිබෙන නිසාලු.

Rate this item
(7 votes)
Last modified on Monday, 28 February 2022 00:34