May 03, 2024

මෙරට තුළ ප්‍රබල කොවිඩ් ප්‍රභේදයක් ඇතිවීමේ අවදානමක් - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

February 27, 2022

මෙරට තුළ ඉදිරියේදී විශාල වශයෙන් කොවිඩ් 19 වෛරසය පැතිරීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ රට තුළ සංගීත සංදර්ශන ඇතුළු සමාජ ඒකරාශීවීම් ඊට හේතුවී ඇති බවයි.

මේ හේතුවෙන් එන්නතට ප්‍රතිචාර නොදක්වන කොවිඩ් ප්‍රභේදයක් වර්ධනයවීමේ වැඩි හැකියාවක් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා,

“සංඛ්‍යාත්මකව රෝගීන් පැතිරයාම අපිට වාර්තා නොවුනට පැතිරයාම ඉතාමත් ඉහළ තත්ත්වයක ලංකාව ඇතුළේ තියනවා කියන එක පෙන්න තියෙනවා. මේකේ තියන විශාලතම අවදානම තමයි අපේ වැනි එන්නත්කරණය ඉහළ රටක් ඇතුළේ මෙවැනි වසංගතයක් නිරායාසයෙන් පැතිර යාමට ඉඩ හැරීමෙන් කොයි මෙහොතේ හෝ අපි සියලුදෙනාටම හානිකර එන්නතට ප්‍රතිචාර නොදක්වන ප්‍රභේදයක් වර්ධනයවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේ අවදානම කොයි මොහොතේවත් ඇති කර ගත යුතු නෑ.”

Rate this item
(0 votes)