April 20, 2024

ජේ ආර්,ප්‍රේමදාස, රන්ජන් සමග හැප්පුන අපිට මේ දෙකයි පනහේ හාදයා කවුද: විජිත හේරත් ප්‍රශ්න කරයි (VIDEO)

February 28, 2022

"ජේ ආර්ලා , ප්‍රේමදාසලා , රන්ජන්ලා (රන්ජන් විජේරත්න) එක හැප්පුන අපිට මේ වගේ දෙකයි පනහේ හාදයෝ මහ දෙයක් නෙවෙයි."

මෙහෙම කියන්නේ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතායි.

නිරන්තරයෙන් බාධා

ඔහු එසේ සඳහන් කළේ ජාතික ජන බලවේග රැස්වීම් සභාවක් තුළ ඔහුව දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයෙකුට ප්‍රතිචාර දක්වමින්.

ජාතික ජන බලවේගයට ගම්පහ දිස්ත්‍රික්කයේ පවත්වන රැස්වීම් වලට නිරන්තරයෙන්ම බාධාවන් එල්ල වනවා.

මීට පෙර කළගෙඩිහේනේ පැවති රැස්වීමකට බිත්තර ප්‍රහාරයක් එල්ල වුණා.

එල්ල වූ චෝදනාව

ඊයේ (27) යළිත් වරක් එවැනිම විරෝධතාවයක් එල්ල වුණා.

ඒ පස්යාල කැටකාලපිටිය ප්‍රදේශයේ විජිත හේරත් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකට.

එහිදී හමුදා රණවිරුවෙක් යැයි කියාගන්නා පුද්ගලයකු විසින් විජිත හේරත් මහතා මහජන මුදලින් නඩත්තු වෙමින් අසත්‍ය ප්‍රකාශ කරන බවට ඔහු රැස්වීම් සභාවේදී නැගිට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා.

එහිදී විජිත හේරත් මන්ත්‍රීවරයා එතන සිටි පොලිසියෙන් ඉල්ලා සිටියේ අදාල තැනැත්තාව රැස්වීම් භූමියෙන් ඉවතට ගෙන යන ලෙසටයි.

ඔහු ඊට හේතුව ලෙස පෙන්වා දුන්නේ රණවිරුවා යැයි කියා ගන්නා පුද්ගලයා මෙම රැස්වීම කඩාකප්පල් කිරීමට පැමිණ තිබීමයි.

ගම සහ රැස්වීම

එහිදී අදාළ පුද්ගලයා රැස්වීම් පැවැත්වෙන්නේ තමාගේ ගමේ බැවින් එම ස්ථානයෙන් ඉවත්ව යෑම ප්‍රතික්ෂේප කළා.

ගම තමාගේ වුවත් රැස්වීම තමන්ගේ බැවින් එය කඩාකප්පල් කිරීමට පැමිණි අයට රැස්වීම තුළ සිටීමට නොහැකි බව ඊට පිළිතුරු ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

"ඇමැති ධූරයක් දරද්දීත් පාවිච්චි කළේ කැබ් රථයක්.පර්මිට් එකට ගත්තේ ලක්ෂ 35යි.මේක දුවන්නෙ ආණ්ඩුවේ සල්ලි වලින් නෙවෙයි.මට දෙන සල්ලි වලින්." මන්ත්‍රීවරයා තමන්ට එල්ල කළ චෝදනාවට පිළිතුරු දුන්නේ ඒ ආකාරයට.

Rate this item
(2 votes)
Last modified on Monday, 28 February 2022 09:44

Related items