May 03, 2024

ජයන්ත සමරවීරගේ රාජ්‍ය ඇමති ධූරයේ තවත් ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද (10) පෙරවරුවේ දිවුරුම් දුන්නා.

ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ලොහාන් රත්වත්තේ මහතා දිවුරුම් දී තිබෙනවා.

මීට පෙර ගුදම් පහසුකම් බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු,  නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතායි.

ඔහු එම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.

Rate this item
(0 votes)