May 03, 2024

ඇමති ලොහාන්ගේ සිද්ධිය හෙළා දකි: වින්දිතයන්ට කණගාටුවත් ප්‍රකාශ කරයි

September 22, 2021

ලොහාන් රත්වත්තේ මහතා මුල් වී අනුරාධපුර බන්ධනාගාරයේ සිදු වූ සිදුවීම තමන් අනුමත නොකරන බව අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එමෙන්ම එය හෙළා දකින බවත් යළිත් එවැන්නක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

අමාත්‍යවරයාගේ කණගාටුයි

එමෙන්ම සිද්ධියට මුහුණ දුන් සිරකරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වලට සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

වෙනම පරීක්ෂණයක්

සිරකරුවන්ගේ අයිතීන් මෙන්ම ඔවුන්ගේ ආත්ම ගෞරවය රැකීමේ වගකීම තිබෙන්නේ සිය අධිකරණ අමාත්‍යංශයට බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන්ද වෙනම පරීක්ෂණයක් සිය අමාත්‍යාංශය යටතේ සිදුකරන බවයි සඳහන් කරන්නේ.

මේ ජාතිවාදී ප්‍රශ්නයක් නොවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ නිසා මෙම ප්‍රශ්නය ජාතිවාදී ප්‍රශ්නයක් බවට පත් කිරීමට කටයුතු නොකරන ලෙසද ඉල්ලීමක් කලා.

අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 September 2021 11:44