May 03, 2024

ලොහාන්ගේ කලකිරිච්ච ලෙඩේට ජනපතිගෙන් ප්‍රතිකාරයක්: තව ධූරයක් දෙයි

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා සිටින්නේත් බලවත් කළකිරීමකින්.

ඒ තම දිස්ත්‍රික්කයේ සමකාලිනයෙකු වන දිලුම් අමුණුගම මහතාට කැබිනට් ඇමති ධූරයක් ලැබුණත් තමාට නොලැබීම නිසා.

කලකිරීමට පිලියම්

රත්වත්තේ මහතාගේ මෙම කලකිරීමේ ලෙඩේට යම් තරමක ප්‍රතිකාරයක් අද (10) ජනපතිවරයා ලබා දුන්නා.

ඒ රත්වත්තේ මහතාට ඔහු දැනට දරන ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව ජයන්ත සමරවීර මහතා දැරූ රාජ්‍ය අමාත්‍යධූරය බාර දෙමින්.

ජයන්ත සමරවීර මහතා දැරූ ගුදම් පහසුකම් , බහාලුම් අංගන , වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ මීට ටික මොහොතකට පෙර රත්වත්තේ මහතා ජනපති වරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

පෙර කල් ක්‍රියාව

ඒ අවස්ථාවට ජනපති ලේකම් ගාමිණී සෙනරත් මහතාද එක් වූ බවයි වාර්තා වන්නේ.

ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව මීට පෙර රත්වත්තේ මහතාට භාර දුන් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයද ලබා දුන්නා.

එහෙත් බීමතින් කාන්තාවක් සහ තවත් පිරිසක් සමග මහ රෑ බන්ධනාගාරයේ එල්ලුම්ගස බැලීමට යාමේ හේතුවෙන් ඔහුට එම රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වීමට සිදු වුණා.

රත්වත්තේ මහතා අද (10) දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ජයන්ත සමරවීර මහතා ඉල්ලා අස් වූයේ ඔහු නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහතුන් ඇමති ධුරවලින් ඉවත් කිරීමට විරෝධය දැක්වීමටයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 10 March 2022 15:08