May 04, 2024

ලොහාන් යළිත් දින ඉල්ලයි! තවමත් මානව හිමිකම් කොමිෂමට ගිහින් නැහැ

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර ද්විත්වයේ සිදුවූ සිදුවිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා එදින පෙනී නොසිටියේ පෞද්ගලික හේතුවක් ඇති බව පවසමින්.

ඒ අනුව ඔහු විසින් නැවත දිනයක් ලබාදෙන ලෙස මානව හිමිකම් කොමිෂම වෙත දන්වා තිබුණා.

පසුගිය දින කිහිපය පුරාවට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරින් රැසකගෙන් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය මේ සතිය තුළ ලබාදෙනු ඇති බවට වාර්තා වන අතර ඉන්පසුව කොමිෂන් වාර්තාව ඉදිරිපත් කරනු ඇති බවයි සඳහන් වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 October 2021 09:13