May 04, 2024

ලොහාන් බරටම වෙන වැඩ: මානව හිමිකම් කොමිසමට පොල්ල තියයි

September 29, 2021

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාට ඊයේ (28) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් කර තිබුණා.

එහෙත් රත්වත්තේ මහතා එම කැඳවීමට අනුව එහි පැමිණ නැහැ.

කලින් කළ දැනුම් දීම

ඊයේ (28) දින එහි පැමිණීමට නොහැකි බවත් ඔහු වෙන දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලීමක්ද කර තිබෙනවා.

මානව හිමිකම් කොමිසමට රත්වත්තේ මහතා කැඳවා තිබුණේ බන්ධනාගාරවල බීමතින් ඔහු විසින් සිදු කළ සිද්ධීන් පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර , අධිකරණ හා පොදු ජන පෙරමුණ මට්ටමෙන් පරීක්ෂණ කෙරෙන බවයි ප්‍රකාශ වන්නේ.

එහෙත් ඒ පිළිබඳ ප්‍රගතිය මේ වන තුරුත් ප්‍රසිද්ධ කර නැහැ.

තනතුරෙන් ඉවත් වීම

එම සිද්ධීන්ගේ වගකීම ගෙන රත්වත්තේ මහතා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පමණක් ඉල්ලා වූවා.

මේ වන විට ඔහු ස්වර්ණාභරණ හා මැනික් කර්මාන්ත ආශ්‍රිත රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ කටයුතු කරනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 September 2021 13:25

Related items