April 27, 2024

ලොහාන්ට එරෙහිව ඇමැති අලි සබ්රි සටනට! විමර්ශන විශ්‍රාමික විනිසුරුවරියක් යටතට

September 24, 2021

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි එල්.ටී.ටී.ඊ සිරකරුවන් වෙත සිදුකළැයි කියන අයුතු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වන පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය ලෙස විශ්‍රාමික විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත්කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සදහන් කරනවා.

අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ දැනටමත් අදාල සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිසම ස්වාධීන පරීක්ෂණ දෙකක් සිදු කරමින් පවතින බවයි.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ වාර්තාව ලබා ගැනෙන්නේ ඉහත කී පරීක්ෂණ වාර්ථතාවන්ට අතිරේකවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 September 2021 09:46

Related items