March 28, 2024

හිරුණිකාගේ විරෝධතාවයකට අරුන් සිද්ධාර්තන් කඩා වදී - ගුටිබැට හුවමාරුවකුත් (PHOTOS)

රටේ අර්බුදයට වගකිවයුතු වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙස බලමින් සමගි ජනබලවේගයේ ‘මව්වරුන්ගේ අරගලය‘ යාපනය නගරයේ සංවිධානය කළ  විරෝධතාව අතර ඇති වූ  විරෝධතාවක් හේතුවෙන් එය අතරමඟ නතර කළ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

විරෝධතාකරුවන් විසින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී ඇමරිකාවට යන ලෙසට සටන්පාඨ ප්‍රකාශ කිරීමත් සමඟ එම ස්ථානයට පැමිණි යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධර්තන් මහතා ඇතුළු පිරිසක් වත්මන් ආණ්ඩුවට පක්ෂව අදහස් දක්වමින් විරෝධතාවයට පැමිණි පිරිසට බැණවැදීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්තන් මහතා ඇතුළු තවත් කිහිප දෙනකු එලෙස බැණවැදීමත් සමඟ විරෝධතාවයේ නිරතවූ කාන්තාවන් හා එම ස්ථානයට පැමිණි තවත් ප්‍රදේශවාසීන් කිහිපදෙනකු අරුන් සිද්ධාර්ථන් මහතාට විරෝධය පා සෙරෙප්පු පහරවල් සහ ජල බෝතල්වලින් පහරදී පන්නා දැමීමට උත්සහ කිරීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

අදාල ස්ථානයට පැමිණි යාපනය පොලිස් නිලධාරීන් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් විරෝධතාවයද අවසන් කෙරුණා.

පේදුරුතුඩුව සිට දෙවුන්දරතුඩුව දක්වා ‘මව්වරුන්ගේ අරගලය‘ නමින් සමගි වනිතා බලවේගය  මෙම විරෝධතාව සංවිධානය කොට තිබුණා. 

එම අවස්ථාව සඳහා සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මි, සමඟි වනිතා බලවේගයේ ක්‍රියාකාරීහු සහ යාපනය ප්‍රදේශවාසීහු පිරිසක් එක්ව සිටියා.

අරුන් සිද්ධාර්තන් මහතා යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරුයි.

Rate this item
(2 votes)
Last modified on Friday, 01 April 2022 17:33

Related items