March 28, 2024

ඇමතිකමෙන් ඉල්ලා අස් වු නාමල්ගේ හිත වැඩ දෙකකට

නාමල් රාජපක්ෂ මහතා තමන් දැරූ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති ධූරයෙන් ඉල්ලා අස් වුණා.

ඇමති ධුරයෙන් අස් වීමෙන් පසු සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් බවට පත්වන නාමල් රාජපක්ෂ මහතා තමන් මින් ඉදිරියට කටයුතු කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් කොට තිබෙනවා.

මුහුණු පොත පණිවිඩය

ඒ සිය මුහුණු පොතේ පණිවිඩයක් තබමින්.

එම පණිවිඩයට අනුව ඔහු ඉදිරියේ දී කටයුතු දෙකක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඉන් එකක් ඔහු දරන මන්ත්‍රීධූරය අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින්ට සේවය කිරීම.

පොදුජන පෙරමුණ

අනික ඔහු නියෝජනය කරන පක්ෂයට සේවය කිරීම.

ඒ පොදුජන පෙරමුණට.

ඇමති ධූරයෙන් ඉල්ලා ඉල්ලා අස්වීමට පෙර නාමල් රාජපක්ෂ මහතා සිය බිරිඳ , දරුවා ඇතුළු පවුල විදෙස් රටක් වෙත පිටත් කර හැරියා.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ මාලදිවයින හරහා ඩුබායි වෙත එම පවුල ගිය බවයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 04 April 2022 10:29