April 27, 2024

ඉල්ලීම් එක්ක ලිපියක් අරන් හිරුණිකා ජනපති නිවසට යයි (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට සමගි වනිතාවන් විසින් විරෝධතාවයක් අද දින සිදු කර තිබෙනවා.

එම කාන්තාවන් ඉල්ලා සිටින්නේ ගෑස් ,ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරන ලෙසයි.

මෙම විරෝධතාවයට නායකත්වය ලබා දී ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා නිරෝෂා අතුකෝරල මහත්මිය බවටයි සමගි ජන බලවේගයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ලිපියක්ද ජනාධිපතිවරයා වෙත භාර දීමට රැගෙනවිත් තිබෙනවා.

එහිදී හිරුණිකා මහත්මිය එය ජනධිපතිවරයා භාර දීමට කටයුතු සලසා දෙන ලෙස ඉල්ලා සිටියා.

එවිට ශ්‍රීනාත් ගමගේ නමැති පුද්ගලයෙක් පැමිණ සඳහන් කර සිටියේ තමාට එම ලිපිය ලබා දෙන ලෙසයි.

එවිට ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ ජනාධිපතිවරයාගේ බිරිඳට එතනට පැමිණ මෙම ලිපිය භාර ගන්නා ලෙසයි.

කෙසේවෙතත් පසුව ඇය එම ලිපිය අදාළ පුද්ගලයා වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා.

Rate this item
(0 votes)

Related items