April 20, 2024

තෙල් අවුල තවත් දුර දිග යයි - පිරවුම්හල් වටකර ජනතාව උද්ඝෝෂණයක Featured

දින පහක් මුළුල්ලේ ඩීසල් බලාපොරොත්තුවෙන් ගෝනදූව ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට රැදී සිටින රියදුරන් ගෝනදූව ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටින් බැරල් සහ කෑන් දමා කළුතර බණ්ඩාරගම මාර්ගය මුළුමනින්ම වසා දැමීමට කටයුතු කර තිබු බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මොරොන්තුඩුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ස්ථානයට පැමිණ මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් රියදුරන් සමග සාකච්ඡා කළ නමුත් මාර්ගය විවෘත කිරීමට රියදුරන් එකඟ වී නැහැ.

මේ හේතුවෙන් ගෝනදූව දෙස සිට කළුතර දෙසට සහ බණ්ඩාරගම දෙසට දිගු වාහන පෝලිමක් දැකගත හැකි වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලට (05) දින උදෑසන කොළඹ සිට පැමිණි බවුසර් රථයකින් ඩිසල් ලිටර් 6600 ක් නිකුත් කෙරුණා.

දින තුනක් තිස්සේ හැටන් නගරයේ අයි.ඕ.සි සහ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන නොමැති විම නිසා රියදුරන් තම වාහන වලට ඉන්ධන ලබා ගැනිමට තම වාහනයද ප්‍රධාන මාර්ගයේ ගාල් කරමින් රැදි සිට අද (05) දින ඉන්ධන පිරවුම්හලෙන් නිකුත් කරන ලද රු 3000ක ඩිසල් වාහන වලට සහ කෑන් වලට රැගෙන යන අයුරු දක්නට ලැබුණු බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

පෝලිමෙන් පිට ඩිසල් ඉන්ධන ලබා ගැනිම සදහා ඉන්ධන පිරවුම්හලට ඇතුල් කරන ලද හැටන් දික්ඔය නගර සභාවේ කැබ් රථයට පෝලිමේ රැදි සිටි රියදුරන් විසින් දැඩි විරෝධයක් දැක්විමෙන් අනතුරුව කැබ් රථය එම ස්ථානයෙන් ඉවත් කර ගැනිමට කැබ් රථයේ රියදුරා කටයුතු කර තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල් අසල පවතින දැඩි රථ වාහන තදබදය සහ පිරිස් පාලනය කිරිමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට සිදු වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 March 2022 23:21