April 28, 2024

හිරුණිකා පොලිසියට අමුතුම තෙලකින් බෙදයි: යමං පයින් - ලොඳ දුරක් යන්න තියෙනවා

November 17, 2021

ඊයේ (16) සමගි ජන බලවේග උද්ඝෝෂණය අතරතුර රසවත් සිදුවීම්ද සිදු වුණා.

ඒ එම උද්ඝෝෂණයට සහභාගි වීමට පැමිණි බොහෝ පිරිස් පොලිසිය විසින් ආපසු හරවා ලැබීමත් සමඟයි.

අතරමග නතර කිරීම

එවන් සිද්ධියකට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මැදි වුණා.

සමගි ජන බලවේග කඩුවෙල ආසන සංවිධායක වරිය වන ඇය සිය ආධාරකරුවන් සමග පැමිණි බස් රථයද අතරමග නතර කරනු ලැබුවා.

එසේ බොහෝ ප්‍රදේශවලින් පැමිණි බස් රථ නතර කළ අවස්ථාවේ පැමිණි පිරිස පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත්තත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය පොලිසිය සමඟ කතා කළේ ඉතා සිනහ මුසු මුහුණින්.

පොලිසියට ප්‍රතිචාර

"ආ හලෝ අයියේ කොහොමද.අපිට බස් එක නැතුව පයින් වුනත් යන්න පුළුවන්නේ" ප්‍රේමචන්ද්‍ර මහත්මිය බස් රථය නතර කිරීමට ප්‍රතිචාර දැක්වූයේ ඒ ආකාරයට.

"යමං පයින්.පයින් යනවද.කට්ටියම යං පයින්.පයින් යන්න පුළුවන්නේ.ඔයා කරන්නෙ රාජකාරියනේ.අවුලක් නැහැ." බසයෙන් බහින ගමන් ඇය බස් රථයේ සිටි පිරිසටත් ගමන නතර කර පොලිසියටත් කිව්වෙ ඔන්න ඔය විදිහට.

එපමණක් නොව සමගි ජන බලවේගය ආණ්ඩුව ගන්න කාලයද ප්‍රේමචන්ද්‍ර මහත්මිය එහිදී කිව්වා.

ඇය කිව්වේ 2023 අපේ ආණ්ඩුවක් එනවා කියලා.

යන්න තියෙන දුර

"පයින් යන්න පුළුවන්නේ. සියලු දෙනාම එන්න.ලේසි දුරක් යන්න නැහැ.හොඳ ලොඳ දුරක් යන්න තියෙනවා."

ප්‍රේමචන්ද්‍ර මහත්මිය උද්ඝෝෂණයට සහභාගි වන සිය පාක්ෂිකයන්ට පයින් යන ගමනේ දුර ගැන කිව්වේ ඒ ආකාරයටයි.

Rate this item
(16 votes)
Last modified on Wednesday, 17 November 2021 10:32