May 14, 2024

යළිත් රට ලොක්ඩවුන් කරයිද?

November 17, 2021

කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම පාලනය කර ගැනීමට නොහැකි වූවොත් බරපතළ සීමාවන් පැනවීමට අනිවාර්යෙන්ම සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ මේ මොහොතේ රෝගීන් සංඛ්‍යාව අඩු නොකළහොත් මරණ සංඛ්‍යාව අඩුවක් තවදුරටත් බලාපොරොත්තු විය නොහැකි බවයි.

අද මියයන කොරෝනා රෝගීන් අතර බොහෝ දෙනකු මීට සති කිහිපයකට පෙර රෝගාතුර වී දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි අය බව ද ඔහු පැවසුවා.

රට විවෘත කර ඇති මොහොතේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත දැඩිව අනුගත වන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 November 2021 12:40