April 28, 2024

හිරුණිකාට ප්‍රශ්නයක් : පිං ඇමතිගේ ගෙදර කම්හලක්වත් තියෙනවද?

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ ගෙදර විදුලි බිල රු.ලක්ෂ 120 ක් ඉක්මවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් ප්‍රකාශ කරනවා.

ඒ අතරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද අයත් වනවා.

කර්මාන්ත ශාලාව

ඇය ඉතා අපූරු කතා කීමට රුසියෙක්.

රඹුක්වැල්ල ඇමතිවරයා "පිං" ඇමතිවරයෙක් ලෙස හදුන්වන ඇය ඔහුගේ නිවසේ විදුලි බිල පිලිබඳවත් අදහස් දක්වා තිබෙනවා.

මේ මනුස්සයා ගේ ඇතුලෙ මොකක් හරි කර්මාන්ත ශාලාවක්වත් දාගෙන හිටියද යයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රශ්න කරනවා.

ඇමතිගේ පාටි

මේ රු. ලක්ෂ 120 ගෙවපු නැති ඇමතිවරයා විශාල බෝට්ටු කුලියට ගෙන සිය පවුලේ අයත් සමඟ පාටි දමන බවට තොරතුරක්ද ඇය හෙළිදරව් කරනවා.

ඇමතිවරයා ගෙවීමට නියමිත රු. ලක්ෂ 120 ක මුදලින් අහිංසක පවුල් සෑහෙන ප්‍රමාණයක විදුලි බිල ගෙවා දැමීමට හැකි බවයි හිටපු මන්ත්‍රීවරියගේ මතය වන්නේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ වන විට සමගි ජන බලවේගය නියෝජනය කරනවා.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 01 March 2022 18:52

Related items