May 05, 2024

එළවළු ගොඩ ගැහෙයි - ගන්න වෙළෙන්දොත් නැහැ

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගොවි මහතුන් විසින් එළවළු අස්වැන්න රැගෙන ආවාද ඒවා අලෙවි කර ගැනීම්ට වෙළෙන්දන් නොපැමිණීම නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළා.

උදෑසන 5.45 පමණ වන විට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර තිබෙනවා.

අලුයම් කාලයේ වෙනදාට වඩා අඩු එළවළු ප්‍රමාණයක් ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් ඇති බව එහි වෙළෙඳ පෙන්වා දෙනවා.

එම එළවළු මිලදී ගැනීම සඳහා දිවයිනේ පිට පළාත් වලින් වෙළෙන්දන් නොපැමිණීම නිසා ඉතා අඩු මිල ගණන් යටතේ එළවළු ඉතා සීමිත ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට හැකි වුව ද එළවළු විශාල වශයෙන් අලවි නොවන තත්ත්වයක් පවතින බව ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් පැවසූවා.

ඇඳිරි නීතිය පැනවීම් ඉන්ධන හිග වීම නිසා පිට පලාත්වල ගොවින්ට පැමිණීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය උදා වී තිබෙන බවත් වගාවේ නෙලාගත් අස්වැන්න කුඹුරේ, වෙලේ, හේනේ, ගොවිපළේ තබා ගැනීමට නොහැකි නිසා මෙම අස්වැන්න වෙළෙඳපොළට රැගෙන ආ යුතු බව ගොවීන් පෙන්වා දෙනවා.

ඉහළ මිල ගණන් යටතේ අලෙවි වුණු බොහෝ එළවළු වර්ග සඳහා ගොවීන් මිල තීන්දු කළ ද ඒවා මිලදී ගන්නට කෙනෙකු නැති බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

රැගෙන ආ එළවළු අස්වැන්න වෙළඳසැල් ඉදිරිපිට ලොරි රථ මතම තබාගෙන ගොවීන් වෙළෙන්දන් එනතුරු මග බලා සිටින අයුරුද දැක ගැනීමට හැකි වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

Rate this item
(0 votes)