May 13, 2024

පොහොට්ටුවේ පිරිසක් කුපිත වෙයි : අයෙක් රෝහලේ - නිවාස 3කටත් හානි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ පාක්ෂිකයින් පිරිසක් විසින් සිදු කර ඇති පහර දීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් නිවාස 03 කට සහ දේපල වලට හානි සිදුවී ඇති බවත් ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

පසුගිය 02 වැනිදා සවස 4.30 ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

ප්‍රහාරයට ලක්වී ඇති ආරච්චිකට්ටුව - රණවිරු මාවතේ පදිංචි ඇනීසීටස් ප්‍රනාන්දු යන අය ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහු සමගි ජන බලවේගය පක්ෂයෙන් පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කළ අයෙකු වන අතර කලක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව නියෝජනය කළ අයෙක්.

පැමිණි පිරිස එම අයගේ නිවසේ දේපල වලටද පහර දී අලාභ හානි සිදු කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් ගිහාන් යන අයගේ නිවසටද මැර පිරිස ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් අජිත් ගිහාන් යන අයගේ නිවසේ දේපල වලට සහ ඔහුට අයත් ලොරි රථයකටද හානි සිදුවී තිබෙනවා.

ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජිකයෙකු වන පී.ලක්ෂමන් යන අයගේ නිවසටද මැර පිරිස පහර දී තිබෙනවා.

එම අයගේ නිවසේ ගාල් කර තිබූ ත්‍රී රෝද රථයකටද අලාභ හානි සිදු වී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

මෙම ප්‍රහාරයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය නියෝජනය කරන ආරච්චිකට්ටුව  ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු කණ්ඩායමක් අයත්ව සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.

 

Rate this item
(0 votes)