May 07, 2024

ශීත කළ ආහාර ගන්නේ බලාගෙනයි - PHI සංගමයෙන් අනතුරු ඇගවීමක්

වෙළෙඳසැල්වල පවතින ශීත කළ ආහාර පිළිබඳව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ දිනවල සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් ශීත කළ ආහාරවල ගුණාත්මකභාවය වෙනස් වී ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

එලෙස ගුණාත්මක භාවයකින් තොර ශීත කළ ආහාර අලෙවි කළ වෙළෙඳුන් 387 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

ඒ හේතුවෙන් ශිත කළ ආහාර මිලදී ගැනීමේ දී වඩාත් සැලැකිලිමත් වන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියා.

 

Rate this item
(0 votes)