May 03, 2024

යළිත් කොවිඩ් දත්ත අවුලක්! තත්වය ඉතා කණගාටුදායකයි (VIDEO) Featured

December 28, 2021

දෛනික කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් බලධාරීන් හෙළි කරන සංඛ්‍යාලේඛන කොතරම් නිවැරදිද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ, උත්සව සමය පැවතීමත් සමඟ ගෙවී ගිය සති අන්තය තුළ ජනතාවගේ හැසිරීම ඉතා කණගාටුදායක තත්වයක පැවති බවයි.

පැවැති ක්‍රිකට් තරගාවලියේදී මුව ආවරණ නොමැතිව, සමාජ දුරස්ථභාවය නොමැතිව කටයුතු කළ ආකාරය ඉතාමත් කණගාටුදායක බවද ඒ මහතා සඳහන් කළා.

මහජනතාව මේ වෙන විට මාර්ග උපදෙස් අනුගමනය නොකරමින්, නිරෝධායන නීති කඩ කරමින් කටයුතු කරන බවද සභපතිවරයා පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 01:31