May 08, 2024

සෞඛ්‍ය අංශවලින් ව්‍යාපාරිකයන්ට රතු එළියක්

December 07, 2021

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අනවශ්‍ය ආකාරයට මහජනතාව එක් රැස්වන ආකාරයට කටයුතු කරන ව්‍යාපාරිකයින්ට සහ එම ආයතනවල සේවකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංමගයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද පැවසුවා.

"මේ වන විට අපේ රට දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ විකෘති ජාන ප්‍රභේදයක් ඇති බව කියන ඔමික්‍රෝන් නම් වෛරසය ආසාධනය වී ඇති බවට සැකකරන කාන්තාවක් හදුනා ගෙන තිබීමයි. එවන් දැඩි අවදානමක් තිබුනත් අපේ රටේ ජනතාව සමජය තුළ ගත කරන්නේ කිසිදු දවසක අපේ රටේ කොවිඩ් වසංගතය නොතිබුණු ආකාරටයි. දිනපතා හදුනා ගන්නා බවට මාධ්‍ය මගින් ප්‍රකාශ කරන කොවිඩ් ආසාධිතයින්ට වඩා වැඩි ප්‍රමාණයක් සමජය තුළ සිටින බව අප තේරුම් ගත යුතු වනවා. ඒ නිසා දිනපතා හමුවන රෝගීන් ප්‍රමාණය දෙස බලා කොවිඩ් අපේ රටෙන් තුරන් වී ඇති බවට කිසියම් කෙනෙකු අනුමාන කරන්නේ නම් එය විනශයට මුල් කාරණයක් වනවා.පසුගිය කාලයේ උත්සව සමය තුළ අපේ රටේ ජනතාව හැසිරුණු ආකාරය සහ ඉන් පසුව රට තුළ ඇතිවූ තත්ත්වය දෙස ආපසු හැරී බලන ලෙස අපි ජනතාවට කියා සිටිනවා. පසුගිය සෑම උත්සව සමයක් අවසානයේදීම සිදු වුනේ රට වසා දමන්නට. එමෙන්ම තවත් පිරිසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට හෝ නිවෙස් නීරෝධායනය කරා යොමු කිරීමටයි. එවැනි අත්දැකීම් ඇති ජනතාවක් මේ ආකාරයට වගකීම් විරහිතව සමාජය තුළ හැසිරෙන්නේ ඇයිද යන්න අපට සිතා ගන්න බැරි ගැටළුවක් වී තිබෙනවා."

"ප්‍රධාන නගර වල ඇති බොහෝ ව්‍යාපාරික ස්ථාන මේ වන විටත් ජනතාවගෙන් පිරී ඉතිරී ගිහිං. අවදානම ගැන නොසිතා තමන්ගේ ව්‍යපාරික කටයුතු පමණක් සිදු කරන්නට කිසියම් ව්‍යාපාරිකයෙකු කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපි බලාපොරොත්තු වනවා. ඒ වගේම එවැනි ආයතන වල සේවය කරන සේවකයින්ට එරෙහිව වුවත් නීති මගින් කටයුතු කිරීමට අපි පසුබට වන්නේ නෑ. කෙතරම් රාජකාරි කටයුතු තිබුනත් එළඹෙන සතිය තුළ දිවයින පුරා සියළුම නගර වල ඇති ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමට අප කටයුතු කරනවා. එමෙන්ම පොදු මගී ප්‍රවාහන සේවාවන් සම්බන්ධයෙන්ද දැඩි අවදානයක් යොමු කිරීමට ඉදිරි දින කීපය තුළ අපි කටයුතු කරනවා. ඒ නිසා පොදු මගී ප්‍රවාහන සේවාවන් පවත්වා ගෙන යන අයවළුන්ට මෙන්ම මහජනතාවටත් අපි කියා සිටිනේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සම්බන්ධයෙන් අවදානය යොමු කරන ලෙසයි."යනුවෙන්ද සඳහන් කළා.

(ජුඩ් සමන්ත)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 December 2021 15:37