May 03, 2024

තරුණියක් පැහැර ගෙන අධික වේගයෙන් ගිය ටිපර් රථය ඇලකට පෙරලෙයි (PHOTOS)

December 07, 2021

කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේ පැහැර ගැනීමක් සිදු කොට අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව වතුර ඇලක පෙරලීම හේතුවෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇති බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

කිලිනොච්චිය කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක් ටිපර් රථයකින් පැමිණි පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහරගෙන ටිපර් රථයකින් පලා ගොස් ඇති අතර ටිපර් රථය පසුපස පැහැරගත් තරුණියගේ පෙම්වතා යතුරුපැදියකින් ලුහුබැඳීම හේතුවෙන් ටිපර් රථය අධික වේගයකින් ධාවනය කිරීමේදී එහි වේගය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව වට්ටකච්චි නව පාලම අසලදී ටිපර් රථය වතුර ඇලට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී තිබෙනවා.

ටිපර් රථය පෙරලීමෙන් එහි සිටි පැහැර ගැනීමට ලක් වූ තරුණිය සහ තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එක් අයෙකු මිය ගොස් ඇති අතර බරපතල තත්වයේ සිටි තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කොට යවා තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ කිලිනොච්චිය නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ඩිලක්ෂණ් නැමති තරුණයෙකු වන අතර මළසිරුර කිලිනොච්චිය රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කොට තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරින් පසුව ටිපර් රථයේ සිටි රියදුරු පලා ගොස් ඇති අතරම ටිපර් රථය පොලිස් භාරයට ගෙන පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ධර්මපුරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)