May 08, 2024

"ජනතාවගේ සෞඛ්‍ය අවධානමේ හෙලන්න එපා" - උපුල් රෝහණ

November 16, 2021

කොවිඩ් යම් මට්ටමකට පාලනය කර සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණ දේශපාලන කාරණා හේතුවෙන් ආපස්සට හැරවීමට කටයුතු නොකරන්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවා.

සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කීපයක් කොළඹට සෙනඟ කැඳවා උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා කර ඇති බව පැවසූ රෝහණ මහතා ආණ්ඩුවට පක්ෂව හෝ විපක්ෂව උද්ඝෝෂණ පැවැත්වීම  සෞඛ්‍ය අංශ විදියට ගැටළුවක් නැති වුවත් එවැනි ක්‍රියාකාරකම්වල මේ අවස්ථාවේදී නියැලීමෙන් සෞඛ්‍යමය වශයෙන් ගැටලුකාරී තත්වයක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නා.

මේ අවස්ථාවේදී සෞඛ්‍ය නීතිවලට අනුකූලව කටයුතු කිරීම ඉතා වැදගත් බවද හෙතෙම සඳහන් කළා.

රටේ කොවිඩ් රෝගීන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති බවත් මේ තත්වය නිසා සියලුදෙනා කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් බවත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 16 November 2021 10:40