May 07, 2024

"ෆයිසර් ගන්න පුත්තලමට එන්න එපා" - උපුල් රෝහණගෙන් ඉල්ලීමක් (VIDEO)

පුත්තලම වැනි ප්‍රදේශ සඳහා ලබා දෙන ෆයිසර් එන්නත ලබා ගැනීම සඳහා මිනිසුන් වැඩි වශයෙන් පුත්තලමට පැමිණීම ගැටළුවක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මෙලෙස පැමිණ අනවශ්‍ය ප්‍රශ්න, අනවශ්‍ය ගැටළු නිර්මාණය නොකර සිටින ලෙසද ඒ මහතා ඉල්ලීමක් කර සිටියා.

ඒ මහතා මෙම අදහස් පළ කලේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා මෙසේ සඳහන් කළා,

"විශේෂයෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කය වැනි ප්‍රදේශවලට එන්නත් ලැබෙන්නේ ෆයිසර් වැනි එන්නත් පහුගිය දිනවල දිගින් දිගටම ලැබුණා. මේ එන්නත් සඳහා විශාල ඉල්ලුමක් ලංකාවේ තියෙනවා. බස්නාහිර පළාතේ ඉඳලා බොහෝ පිරිස් නොයෙකුත් සම්බන්ධතා භාවිතා කරමින් පුත්තම් දිස්ත්‍රික්කය වැනි ප්‍රදේශවලට පැමිණෙනවා ෆයිසර් එන්නත් ලබා ගැනීම සඳහා. මේ කටයුත්ත කිසිසේත් කරන්න එපා. මේ ෆයිසර් එන්නත් පුත්තලම් දිස්ත්‍රික්කයට ලබා දීම සඳහා අවශ්‍ය වසංගතවේදිය දත්ත පදනම් කරගෙන තමයි මේ ලබා දෙමින් තියෙන්නේ. ඒ නිසා ඔබට බස්නාහිර පළාතේ හෝ වෙනත් පලාතක හෝ ඉඳලා සෞඛ්‍ය සේවයට සම්බන්ධ හෝ වෙනත් කිසිදු සම්බන්ධතාවයක් භාවිතා කරලා මේ අනිකුත් ෆයිසර් වැනි එන්නත් ලබා දෙන වයඹ පළාතට වැනි පුත්තලම් දිස්ත්‍රික්කයට ඇවිල්ලා එන්නත් ලබාගෙන අනවශ්‍ය ප්‍රශ්න අනවශ්‍ය ගැටළු නිර්මාණය කරන්න එපා."

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 August 2021 17:06