May 08, 2024

දරුවන් පාසල් යවන්න - සෞඛ්‍ය අංශ කියයි

November 22, 2021

දරුවන් පාසල් එවීම සම්බන්ධයෙන් දෙමව්පියන් අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරනවා.

මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද පැවසුවා.

"මේ වන විට දිවයින පුරා ඇති සියළුම පාසල් විවෘත කර තිබෙනවා. ඇතැම් පාසල් ආශ්‍රිතව කොවිඩ් ආසාධිතයින් වාර්තා වී ඇති බවක් දැන ගන්නට තිබෙනවා. යම් පාසලක දරුවෙක්, ගුරුවරයෙකු හෝ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සිටින අයෙකු කිසියම් අසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් කළ යුතු කුමක්ද යන්න සම්බන්ධයෙන් අපි මේ වන විට දිවයින පුරා සිටින විදුහල්පතිවරුන් දැණුවත් කර තිබෙනවා. එමෙන්ම සෑම පාසලක් සම්බන්ධයෙන්ම සෞඛ්‍ය නිලධාරීන් දැඩි අවධානයකින් පසුවන බවත් කියන්න කැමතියි. ඒ නිසා කිසිදු දරුවෙකු පාසල් එවීම සම්බන්ධයෙන් මව්පියන් අනියත බියක් ඇති කර ගත යුතු නැහැ."

"නමුත් මෙහිදී මව්පියන්ට තිබෙන ලොකුම වගකීම තමයි තම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිරතුරු අවධානයෙන් සිටී. කිසියම් දරුවෙකු අසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඒ දරුවාව පාසල් යැවීමට කටයුතු නොකර සිටීම මව්පියන්ගේ යුතුකමක්. මන්ද කිසියම් රෝගී තත්ත්වයේ සිටින දරුවෙකු පාසල් ගියහොත් සෙසු දරුවන්ද අනාරක්ෂිත වීමට ඉඩ තිබෙනවා නිසා. සෞඛ්‍ය අංශ මෙන්ම අධ්‍යාපන බලධාරීන්ද මෙහිදී දැඩි වගකීමකින් සහ වුවමනාවකින් පාසල් පද්ධිතය විවෘත කර පවත්වා ගෙන යාමට කටයුතු කරමින් සිටින්නේ. එවන් වටපිටාවක් තුළ දෙමව්පියන් වගකීම් විරහිතව හැසිරුණහොත් නැවත වතාවක්  මුළු සමාජයම කඩා වැටීමට ඉඩ තිබෙනවා. ඒ නිසා පාසල් පද්ධිතය අඛණ්ඩව පවත්වා ගෙන යාමේ වැඩි වගකීමක් තිබෙන්නේ දෙමව්පියන් අත බව කියන්න කැමතියි."යනුවෙන්ද ඒ මහතා සඳහන් කළා.

(ජුඩ් සමන්ත)

Rate this item
(0 votes)