May 19, 2024

රාජ්‍ය සේවකයින්ට වැට බදී - මෙහෙම කළොත් වැඩ වරදී Featured

November 22, 2021

ස්වදේශ කටයුතු අමාත්‍යංශය සියලු රාජ්‍ය සේවකයින් වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් අදහස් පළකිරීමෙන් වළකින ලෙස දැනුම් දෙමින්.

එවැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් එම නියෝගය නිකුත් කර ඇති බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එන්. එච්. එම් චිත්‍රානන්ද මහතා පැවසුවේ.

ඇතැම් රාජ්‍ය නිලධාරීන් රජය සහ රජයේ ප්‍රත්පත්ති අනවශ්‍ය ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකරන බවට නිරීක්ෂණය වී ඇති බව ඔහු සඳහන් කළා.

ඒ අනුව, නිකුත් කළ එම නියෝගය කඩ කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 November 2021 12:39