May 12, 2024

දින 20කට පසු මුළු ප්‍රදේශයටම ගෑස් සිලින්ඩර් 60යි - ගෑස් ගන්න ජනතාව අතර දැඩි තරඟයක්

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් බගවන්තලාව නගරයේ ගෑස් අලෙවි නියෝජිතයාට අද (12) දින උදෑසන කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 60 පමණක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා.

බගවන්තලාව ගෑස් අලෙවි නියෝජිතයාට ඉකුත් මස 20 දින අවසන් වරට සිමිති ගෑස් ප්‍රමාණයක් පමණක් නිකුත් කිරිමෙන් පසු අද (12) දින සිය සමාගම විසින් ගෑස් සිලින්ඩර් 60 ලබා දුන් බව ඔහු සඳහන් කරනවා.

එම කාලය අතරතුර ගෑස් මිලදි ගැනිම සදහා විශාල පිරිසක් මුදල් ගෙවා ටෝකන්පත් ලබාගෙන තිබු නිසා ගෑස් මිලදි ගැනිමට තම අලෙවිසැල ඉදිරිපිටට පැමිණ සිටින පාරිභෝගිකයන්ට ගෑස් බෙදා හැරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි බගවන්තලාව ගෑස් අලෙවි නියෝජිතයා කියා සිටියේ.

Rate this item
(0 votes)