May 10, 2024

වාසුගේ කට ඉස්සර වෙයි: 69 ලක්ෂය බාන හැටි ගැනත් කියයි

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා අද (4) පැවැති මාධ්‍ය හමුවේදී විශේෂ කරුණක් හෙළිදරව් කළා.

ඒ පොහොට්ටුව ගැන කලකිරී සිටින හැට නම ලක්ෂය සම්බන්ධයෙන්.

කණ්ඩායමේ අරමුණ

ඒ පිරිස සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ වෙත යෑම වළක්වා ගැනීම තම කණ්ඩායමේ අරමුණ බව නානායක්කාර මහතා හෙළිදරව් කළා.

මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 සහභාගිත්වයෙන්.

ඒ ඊයේ (3) විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ජනපතිවරයා විසින් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි.

එහිදී නානායක්කාර අමාත්‍යවරයා තවත් වැදගත් කරුණක් හෙළි කළා.

විපක්ෂයට යෑම

ඒ තම කණ්ඩායම විපක්ෂයට යෑම හෝ විපක්ෂය සමග ගනුදෙනු නොකරන බවට.

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මෙසේ සෘජුවම කියන්නේ ආණ්ඩුව ගැන කලකිරෙන පිරිස් විපක්ෂයට නොයා ආණ්ඩුවේම කොටස්කාර පාර්ශවයක් වන තමන් වෙතම රඳවා තබා ගැනීම තම අරමුණ බවයි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩු විරෝධී ස්ථාවරයක නිරතව සිටින්නේ ආණ්ඩුවේ ඉහල තැන්වල අනුදැනුම ඇතිව බවටත් රටේ මතයක් තිබෙනවා.

මේ නිසාම විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමත් එම තිර පිටපතේම කොටසක් ලෙසටත් හඳුන්වන පිරිසක් සිටිනවා.

Rate this item
(4 votes)
Last modified on Friday, 04 March 2022 22:33