May 17, 2024

සති අන්තයේ විදුලි කප්පාදුවේ වෙනසක් - කාලසටහන මෙන්න

මෙම සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව හෙට (05) සෙනසුරාදා දිනයේදී PQRSTUVW යන කලාපවලට පැය 4ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා.

ඒ උදෑසන 8.30සිට පස්වරු 5.30 අතර කාලය තුල පැය 3ක කාලයක් සහ සවස 6 සිට රාත්‍රී 10 දක්වා වන කාලය තුල පැයක් වශයෙන්.

එමෙන්ම E,F යන කලාපවලට පැය 7ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

ඒ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 4ක් වශයෙන් සහ සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 3ක කාලයක් වශයෙන්.

හෙට (05) විදුලිය කැපෙන කාලසටහන මෙතැනින්

Rate this item
(20 votes)