May 09, 2024

මාතර පරවි දූපතේ වැල්පාලම 60ක් එක්ක මුහුදට කඩා වැටෙයි

මාතර පරවිදූව උපෝසථාගාරයට පිවිසෙන පාලම අද (04) සවස හදීසියේ කඩා වැටීමෙන් මුහුදට වැටී අනතුරට පත් වු හැට දෙනෙකුගෙන් පමණ වු පිරිසේ සියලු දෙනා බේරා ගැනීමට අවට ජනතාව සමත් වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මහියංගනයේ සිට විනෝද ගමනක් යමින් සිටි සංචාරකයින් පිරිසක් පාලම මැද සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී එම පාලම හදීසියේ කඩා වැටී තිබුණා.

කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් මුහුදට වැටී පාලමේ යකඩ වැටේ එල්ලී තම ජීවිත බේරා ගන්නා ලෙසට කෑ මොර දෙන අයුරු දැක ගත හැකි වූ බවයි වාර්තා වන්නේ.

ඒ සමගම අවට සිටි අය දුව ගෙනවිත් ඔවුන බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

අනතුරින් දස දෙනෙකු පමණ සුලු තුවාල ලැබ ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදු වී නැහැ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 04 March 2022 19:54