May 10, 2024

වාසුත් ඇමතිකමෙන් යන්න ලෑස්තියි: තීන්දුව අද හෙටම

වාසුදේව නානයක්කාර මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් වන බව දැනගන්නට තිබෙනවා.

ඒ ඔහු දරන ජල ජලසම්පාදන අමාත්‍ය ධුරයෙන්.

මාධ්‍ය හමුව

නානයක්කාර මහතා කැබිනට් ඇමති ධූරයෙන් ඉවත් වීම මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම මාධ්‍ය හමුව අද (4) පැවැත්වෙනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

වාසුදේව නානයක්කාර මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11ක මූලිකත්වයෙන් එළිදැක්වූ "මුළු රටම එක මගට" ප්‍රකාශන රැස්වීම මුල්කොටගෙන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන්ට සිය ඇමති ධුර අහිමි වුණා.

ඒ ඔවුන් එහිදී දැක්වූ ආණ්ඩු විරෝධී ප්‍රකාශ හේතුකොටගෙන.

පිලිගැනීමේ කතාව

එම රැස්වීමේ පිළිගැනීමේ කතාව කළේ වාසුදේව නානායක්කාර ඇමතිවරයායි.

ඔහුවද ඇමති ධූරයෙන් ඉවත් කරන ලෙස ජනපතිවරයාට බලපෑම් පැමිණියද අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සිය දේශපාලන සඟයින් දෙදෙනා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම පදනම් කොටගෙනයි වාසුදේව නානයක්කාර මහතාද කැබිනට් මණ්ඩල ඇමති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන්නේ.

නානයක්කාර මහතා ජල සම්පාදන මණ්ඩල සේවකයන්ගේ ගෞරවය හා විශ්වාසය දිනාගත් ඇමතිවරයෙකු වුණා.

Rate this item
(2 votes)
Last modified on Friday, 04 March 2022 12:32