March 28, 2024

වාසු ඇමතිකමෙන් ඉල්ලා අස්වීමේ තීරණය රිවස් කරයි: බෝලය ජනපතිට දායි

වාසුදේව නානායක්කාර මහතා තමන් දරන ජල සම්පාදන අමාත්‍ය ධුරයෙන් ඉවත් බවට ඉඟි පළ වුණා.

ඒ සිය සගයින් දෙදෙනා වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට විරෝධය දැක්වීම වස්.

මාධ්‍ය හමුව

නානායක්කාර මහතා ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීම මීට ටික මොහොතකට පෙර අවසන් වූ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනු ඇති බවයි වාර්තා වුණේ.

එහෙත් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කළේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

ඒ තමා ජල සම්පාදන ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන නොවන බවයි.

අස් කරන්න

එහෙත් තමා එම කැබිනට් ඇමති ධූරයේ වැඩ නොකරන බවත්, කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බවත් නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළා.

ඒ අවස්ථාවේදී ඊට මැදිහත් වූ උදය ගම්මන්පිල අමාත්‍යවරයා සදහන් කළේ වාසුදේව නානායක්කාර මහතා නොකියා කියන්නේ ඔහුවත් ඇමති ධුරයෙන් අස් කරන ලෙසට බවයි.

තමා එම ස්ථාවරයට පැමිණියේ තම කැබිනට් සගයින් දෙදෙනා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම අසාධාරණ නිසා ඊට විරෝධය දැක්වීමට බවයි නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 March 2022 16:11